දේශගුණික විපර්යාස නිසා ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමට ජාත්‍යන්තර ගිවිසුමක්

Share

ශ්‍රී ලංකාව සහ හරිත දේශගුණික අරමුදල අතර සත්කාරක රාජ්‍ය ගිවිසුමකට එලඹීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

රජය මෙම තීරණය ගෙන තිබෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව පරිසර හිතකාමී හරිත කලාපයක් බවට පත්කර ගැනීමේ අරමුණෙනි.

මිට අමතරව කෘෂි වන වගා පර්යේෂණ පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ සත්කාරක රජයක් ලෙස ගිවිසුමකට එළඹීමටත්, ගෝලීය හරිත වර්ධන ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනිමටත් රජය තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News