දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් වැඩිවීමක්

Share

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට(06) දිනයේදී තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

වයඹ, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ සබරගමුව පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ඇති විය හැක.

බස්නාහිර, දකුණු සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවල සහ සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

Read more

Local News