ඌව පළාතේ දියඇලි රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට

Share

ඌව පළාතට මාස ගනනාවක් පැවති දැඩි නියං කාළගුණය හමාර කරමින් මේ දිනවල වැසි ඇඳ හැලෙමින් පවතින අතර එම නිසා ඌව පළාතේ පවතින දියඇලි රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධ සහ වැසි සහිත කාලගුණය පිළිබඳව ජනතාවට විශේෂ පණිවුඩයක් ආපදා කළමනාකරණ ඒකකයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා අද උදෑසන නිකුත් කළ බව අප වාර්තාකරු සඳහන් කරයි.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඌව පළාතේ දියඇලි වන විශේෂයෙන්ම රාවණා, දියලුම සහ දුන්හිඳ යන දිය ඇලි වල ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

ඊට අමතරව සවස් කාලයේ දී කදුකර ප්‍රදේශවලට තද වැසි ලැබුණහොත් දියඇලි වල ජල මට්ටම එක් වරම ඉහළ යා හැකි බැවින් දියඇලි ආසන්නයට ගොස් ජායාරූප ලබා ගැනීම, දියඇලි ආසන්නයේ ගල් මත ඇවීදීම සහ දියඇලි වල ඉහළට ගමන් කිරීමෙන් වලකින ලෙස ආපදාකළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

ඊට අමතරව පසුගිය නියං කාලගුණය පැවති සමයේ කැලෑ ගිනි විශාල වශයෙන් ඇති වූ කදු ආශ්‍රිතව නායයෑම් අවදානම ඉතාමත්ම ඉහළ බැවින් එම ස්ථාන වල රැදී සිටීමෙන් වලකින ලෙසටද ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.

Read more

Local News