චීන නාවික හමුදාවට අයත් හයි යන්ග්ඩාඕ නෞකාව කොළඹ වරායට

Share

චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊය‌ේ (04) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.

දිගින් මීටර් 135 ක් සහ පළලින් මීටර් 18.6 කින් යුත් ‘හායි යැන්ග්ඩාඕ’ නෞකාව ටොන් 7676 ක ධාරිතාවයකින් යුක්ත වේ.

තවද, සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් 07 වන දින නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

Read more

Local News