මැලේරියාව වසන්ගතයක් ලෙස පැතිරයාමේ අවධානමක් – මාතලේ ප්‍රාදේශිය වෛද්‍ය අධ්‍යක්ෂ

Share

2018 වසරේදි මැලේරියා රෝගීන් 34ක් වාර්ථාවිමත් සමඟ එම රෝගය රට තුළ වසන්ගතයක් ලෙස පැතිරයාමේ අවධානමක් පවතින බව මාතලේ ප්‍රාදේශිය වෛද්‍ය අධ්‍යක්ෂක වසන්ත නවරත්න මහතා පැවසීය.

වෛද්‍ය අධ්‍යක්ෂකවරයා මේ බව පැවසූවේ මැලේරියා රෝගය පිළිබද මාධවේදීන් දැනුවත් කිරිම සදහා ඊයේ (04) මාතලේ දිස්ත්‍රික්කයේ වෛද්‍ය කාර්යාලයේදී පැවති වැඩ මුළුවක් අමතමිනි.

දැනට වාර්තා වි තිබෙන රෝගීන් 34 දෙනා විදේශයන්හි සිට පැමිණි පිරිස් වන බවත්, ඒ අතරින් මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 03 දෙනෙකු සිටින බවත් වාර්ථාවේ.

Read more

Local News