කටුනායකට ආ චීන ගුවන් යානය මත්තලට

Share

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට ඊයේ (04දා) රාත්‍රී ඇති වී තිබූ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණි චීන ගුවන් යානයක්, මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

මෙම ගුවන් යානය චීනයේ ෂැං ඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයට අයත් සී.ඒ.- 425 දරණ ගුවන් යානයක් ව‌ෙයි.

එහි මගීන් 166 ක් සහ කාර්යය මණ්ඩලය 13 ක් සිටියහ.

මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 9.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණියත් යානය මත්තලට යොමු කිරිමට කටයුතු කළ අතර යානය රාත්‍රී 10.30 ට ගොඩ බස්සවා තිබුණි.

ගුවන් යානය තුළ සිටි මගීන් යානයෙන් පිටතට නොබැස සිටි අතර, යානයට අවශ්‍ය ඉන්ධන ලබා දී, යළිත් එම ගුවන් යානය අද අලුයම 12.30 ට කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත්විය. එය අලුයම 1.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

Read more

Local News