සිල් රෙදි නඩුවේ අභියාචනා සලකා බැලීම ලබන 12

Share

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර තිබෙන අභියාචනා සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඒ ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයිනේ විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි ලද චෝදනා යටතේය.

මෙම අභියාචනා පෙත්සම් අද(05) දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිය.

Read more

Local News