රක්ෂණ කර්මාන්තය විධිමත් කෙරේ

Share

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් අද (9) පාර්ලිමේන්තුවේ දී දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කළේ ය. රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය නම වෙනස් කරන්න යනවා. නියාමනය කරන කොමිෂන් සභාවක් ලෙසට. රක්ෂණ සංස්ථා ලැයිස්තුගත කිරීම සංශෝධනය කරනවා. රක්ෂණ නියෝජිතයන්ට එක සමාගමකට පමණයි වැඩ කළ හැක්කේ එය සංශෝධනය කරනවා.ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලෙස නම් කරනවා, මෙම සංශෝධනය සමඟ. දැනට පවතින රක්ෂණ සමාගම් 26න් නවයක් කොළඹ කොටස් වෙලඳපොළේ ලැයිස්තුගත කර තිබෙනවා.නව ආදායම් බදු පනතක් ගෙනාවා. ක්‍රියාකාරි දිනය 2018 අප්‍රේල් 01 දින බව නැවත සඳහන් කරනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

 

Read more

Local News