දකුණු කොරියානු හිටපු ජනාධිපතිට වසර 15ක සිරදඬුවමක්

Share

දකුණු කොරියානු හිටපු ජනාධිපති ලී මියංග් බාක් (Lee Myung-bak) හට එරට අධිකරණයක් විසින් අද (05) වසර 15ක සිරදඬුවමක් නියම කර තිබේ.
අල්ලස් සහ බලය අයුතු ලෙස භාවිත කළ බවට එල්ල වූ චෝදනා වලට වරදකරුවිම විම හේතුවෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවර අධිකරණයක් විසින් හිටපු ජනාධිපතිවරයාට මෙම දඩුවම නියම කර ඇති බවයි විද‌ෙස් මාධ්‍ය වාර්ත‌ෙ සඳහන් කරන්න‌ේ.
සිරදඬුවමට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 11.5ක දඩයක් ද හිටපු ජනාධිපති ලී මියංග් හට නියම කර තිබේ.
කෙසේවෙතත් තමාට එරෙහි චෝදනා ‍දේශපාලනික අරමුණු මුල්කර ගනිමින් ඉදිරිපත් කර ඇති බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

Read more

Local News