ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අභියාචනය විභාගයට අවසර

Share

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දි තිබේ.

ඒ නඩුව අවසන් වනතුරු තමන්ව රිමාන්ඩ් බාරයට පත් කිරීමට කුරුණෑගල මහාධිකරණය විසින් දී ඇති නියෝගයක් නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමෙනි.

ඒ අනුව ප්‍රියන්ත ජයවර්ධන, දෙහිදෙණිය සහ මෘදු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

රිමාන්ඩ් භාරයේ පසුවන මන්ත්‍රීවරයා  ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් අතුරු නියෝගයක් අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් නොකළ අතර මෙම අභියාචනා විභාගය ලබන 18 වනදා සිදුකිරිමට නියමිතය.

Read more

Local News