”ඉන්දියානු සාගරය” සමුළුව ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කිරීමේ වේදිකාව කර ගත හැකියි

Share

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ඉදිරියට යනවා නම් එයට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගත යුතු බවත් අපේ නායකත්වය හරහා එම වේදිකාව ගොඩ නැගීමට ”ඉන්දියානු සගරය-අපගේ අනාගතය නිර්වචනය කිරීම සමුළුව” වේදිකාවක් කර ගත හැකි බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ‍්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඉන්දියානු සාගරය-අපගේ අනාගතය නිර්වචනය කිරිම සමුළුව සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (5) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය අමාත්‍යවාරයා මේ බව පැවසී ය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෙජ්‍ය අමාත්‍යවාරයා,

පරාක්‍රමබාහු රජතුමා පරක්‍රම සමුද්‍රය හදලා කෘෂි ආර්ථික ක්‍රමය ගොඩ නැගුව විතරක් නොවෙයි, ශ්‍රී ලංකාව ලෝකයට එකතු කරලා, විශාල වෙළෙඳ මධ්‍යස්ථානයක බවට පරිවර්තනය කළා. මේවට අවශ්‍ය මුදල් රජ්ජුරුවෝ ලබා ගත්තෙත් මේ අන්තර් ජාතික වෙළෙදාම හරහා. ඉතාම දැඩි සම්බන්ධයක් මේ ඉන්දියන් සාගරේ වෙළෙදාම සම්බන්ධයෙන් එදා තිබිලා තියෙනවා. බුරුම රටේ හිටපු අලාම් හුසේන් රජුට ඒ තිබුණු වෙළඳ ප්‍රතිපත්ති වලට විරුද්ධව පරාක්‍රම බාහු රජ්ජුරුවෝ නැව් යවා ඒ වෙළෙඳ සම්බාධන ඉවත් කරන්නට කටයුතු කළ ආකාරය පෙන්වා දිය හැකියි.

ඒකෙන් පෙන්නුම් කරන්නේ ඉතිහාසයේ අපි ඉන්දියන් සාගරය එක්ක සෘජුවම සම්බන්ධ වෙලා කටයුතු කර බවයි. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කේන්ද්‍රස්ථානය වෙලා තියෙන්නේ. ඉන්දියන් සාගර කේන්ද්‍රස්ථානය වශයෙන් ඉදිරියට යනවා නම් එයට අවශ්‍ය පසුබිමත් අපි නිර්මාණය කර ගන්න ඕන.

වෙළෙදාමෙන් දියුණු වෙනවා නම් අපි රාජ්‍ය තාන්ත්‍රිය වශයෙන් ද ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කර ගැනිමට ඉදිරිපත් වෙන්න ඕන. ලංකාව පොඩි රටක් වුනත් ලංකාවට ලොකු හැකියාවක් තියෙන රටක්. එදත් අදත් හෙටත් ඒ හැකියාව වර්ධනය කර ගන්නට නම් ඉන්දියානු සාගරයේ පිළිගත් වැදගත් රටක් බවට පර්වර්තනය වෙන්න ඕන.

ඉන්දියානු සාගරයේ රටවල් හා ඉන් එහා ගිය රටවල් එක්කර තිරසාර සාමය හා ආරක්ෂාව තර කරගැනිමටත්, ඉන්දියන් සාගරය භාවිතා කරන ලෝකයේ සියලු ම රටවලට අපේ රටට ඇවිල්ලා අපේ නායකත්වය හරහා එම වේදිකාව ගොඩනැගීමට මෙම සමුළුව වේදිකාවක් කර ගත යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News