අංගොඩ වෙඩි තැබීමකින් පුද්ගලය‌ෙකු මරුට

Share

අද(05) සවස මුල්ලේරියාව, පොලිස් වසමේ අංගොඩ හන්දිය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

අවිස්සාවේල්ල මාර්ගයේ සිට වයින් ස්ටෝර්ස් අසලදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇත.

කෙසේ වෙතත් තුවාලකරු බරපතළ තුවාල සහිතව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක් වු අයෙක් බව පොලීසිය සඳහන් කරයි.

මේ වන විට මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර තිබේ. මුල්ලේරියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News