නුවරඑළිය දිස්ත්‍රික් ලෝක වැඩිහිටි දින සැමරුම සහ වැඩිහිටියන් දහසක් සඳහා සෞඛ්‍ය සායනයක්

Share

නුවරඑළිය දිස්ත්‍රික් ලෝක වැඩිහිටි දින සැමරුම් උත්සවය සහ වැඩිහිටියන් දහසක් සඳහා පැවැත්වෙන සෞඛ්‍ය සායනයක් ඊයේ (05) වන දින නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්තකව පැවැත්විණි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් උදැසන ආරම්භවු වැඩිහිටි පාගමන සඳහා නුවරඑළිය, වලපනේ, අඹගමුව, කොත්මලේ සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශවල වැඩිහිටි බලමණ්ඩල නියෝජනය කරමින් ජේෂ්ඨ පුරවැසියන් දහසක් පමණ සහභාගී වුහ.

වැඩිහිටියන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ පුවරු සහිතව ගමන් ගත් පිරිස සිනිසිටා නගර ශාලාව වෙත ගොස් උත්සවය පැවැත්වීමට විශේෂත්වයකි.

Read more

Local News