පළාත් සභා රෝහල් රජයට පවරා ගන්න‌ේ නැහැ – සෞඛ්‍ය අමාත්‍ය

Share

පළාත් සභා රොහල් රැසක් රජයට පවරා ගන්නා ලෙසට යෝජනා ඉදිරිපත් වුවත්, එය ක්‍රියාත්මක නොකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කළ අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට  එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරුන්ගේ සමුළු වල දී පළාත් රෝහල් සේවා මුහුණ දෙන ගැටලු පිළිබද සාකච්ඡා කරනවා. රෝගී සත්කාරක සේවා සිදු කිරීමේ දී සියලු රෝහලක්ම සංවර්ධනය කළ යුතුයි. මන්ද ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගියා රෝහල මධ්‍යම රජයේ ද පළාත් සභාවේ ද කියා දන්නේ නැහැ. ඔවුන් එන්නේ ප්‍රතිකාර ලබාගැනීමටයි. අපි එම සේවාව ලබාදිය යුතුයි. බලය බෙදාහැරීම මගේ ප්‍රතිපත්තියයි. ඒ අනුව පළාත් සභා රෝහල් ද සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පසුගිය වසර 03 තුල ම ලබාදී තිබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම තුලින් විශාල විදේශ විනිමයක් ලබාගත හැකි වෙනවා.
මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීන්දු තීරණ අගය කරමින් නැගෙනහිර පළාත් සභාව විසින් සම්මානයක් ද පිරිනමන ලදි.

Read more

Local News