ලක්ෂ 70ක් පමණ වටිනා හෙරොයින් සමඟ පස් ද‌ෙන‌ෙකු අත්අඩංගුවට

Share

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් මොවුන් අත්අඩංගුවට ග‌ෙන ඇත.

සැකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 650ක් සොයාගෙන ඇති අතර හෙරොයින් ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථ දෙකක් හා යතුරුපැදියක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.

Read more

Local News