කාසල්රි ජලාශයට මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ඉවත් කෙරේ

Share

ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ජලාශයෙන් ඉවත් කිරිමේ ශ්‍රමදානයක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමර
මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජලාශයේදි පැවැත්විණ.

හෙක්ටයාර් 285 කින් යුත් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් නොර්වුඩ් ප්‍රදේශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජලය ජලාශයට එකතුවන ස්ථානයේ හා හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ ජලය ජලාශයට එකතු වන ස්ථානයේ එක් රැස් වි ඇති ඝන අපද්‍රව්‍යය සහ ජලාශයේ වටා මෙසේ එක්රැස් වි ඇති ඝන අපද්‍රව්‍යයි ඉවත් කරනු ලැබුවේ.

ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලය මගින් සංවිධානය කර තිබු මෙම ශ්‍රමදාන කටයුත්තට සමගාමිව කෙසෙල්ගමුඔයේ දෙපස පදිංචිකරුන් සහ දික්ඔය ඇළ අවට පදිංචිකරුවන්ට ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා නොහරින ලෙසට දැනුවත්කිරිමේ වැඩසටහනක්ද දියත් කරනු ලැබු බවයි සඳහන් වන්න‌ේ.

තවදුරටත් එම ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා හරින ප්‍රදේශවාසින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවටද මෙහිදි ජනතාව දැනුවත් කල අතර, මෙම ශ්‍රමදාන කටයුත්තට සමගාමිව මුළු ජලාශයේම තැන්පත් වි ඇති ඝන අපද්‍රව්‍යය ඉවත් කරනු ලැබීය.

Read more

Local News