අධිවේගී මාර්ග තුළ වාහන ගමනා ගමනයේදී වේගය සීමා කරන්න

Share

අධිවේගී මාර්ග ආශ්‍රිතව පවතින අධික වර්ෂාපතනය හේතුව‌ෙ‌න් වාහන ගමනා ගමනයේදී වේගය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකින් ධාවනය කිරිම වඩාත් සුදුසු වන බවයි.

එමෙන්ම වර්ෂාවත් සමඟ පවතින අඳුරු කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනයේදී ඉදිරි ලාම්පු දල්වා ගමන් කරන ලෙස ද ඒ මහතා ජනතාවට දැනුම් දෙයි.

Read more

Local News