පළාත් කිහිපයකට තද වැසි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Share

මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවත් උතුරු-මැද සහ දකුණු පළාත්වලත් මන්නාරම, වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදී තවදුරටත් වර්ධනය විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

Read more

Local News