දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට සියළු පහසුකම් – අමාත්‍ය ෆයිසර් මුස්තාපා

Share

දෘෂ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියළුම පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ලබා දෙන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, එංගලන්ත, ඉන්දීය තුනකොන් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා වු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින්ය.

ඒ සඳහා වගකීම තමන් විසින් ඉෂ්ඨ කරන බවත් ඔවුන්ට ලබාදිය යුතු ඉහළම පිළිගැනීම ලබා දීමට ක්‍රියා කරන බවත්, වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ආයතනයක් ලෙස දෘෂ්‍යබාධිත ක්‍රිකට් සංගමය පවත්වාගෙන යා යුතු යැයි තමන් විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාන ලෙස පිළිගැනීමක් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලැබිය යුතු බවත් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News