ත්‍රිරෝද සේවාවේ ගුණාත්මකභාවයට ප්‍රමිතින් ඇතුළත් වාර්තාවක්

Share

ප්‍රවහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් රැස්කළ විද්වත් කිමටුවක් මගින් ප්‍රවාහනය සදහා යොදවා ඇති ත්‍රිරෝද සේවාව ගුණාත්මකභාවය වැඩි දියුණු කිරිමට අවම ප්‍රමිතින් ඇතුළත් වාර්තාවක් මේ වන විට සකස්කොට තිබේ.

මගී ප්‍රවාහන ත්‍රීරෝද සදහා මීටරය අනිවාර්ය කිරිම සම්බන්ධවත් ත්‍රීරෝද රථ නියාමනය සදහා ආයතනයක් ස්ථාපිත නොකිරීම සම්බන්ධවත්,මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ පැදවීම සදහා වලංගු බලපත් ලබගැනීමේ වයස් සීමාව සම්බන්ධව හා මගී ප්‍රවාහන ත්‍රීරෝද කර්මාන්ත කෙරෙයි බලපාන අනෙකුත් ගැටළු නිරාකරණය කිරිම සදහා සමස්ථ ලංකා ත්‍රීරෝද රථ සංගමය ඇතුළු ත්‍රීරෝද රථ සංගම් සියල්ලෙහිම නියෝජිතයන් සමග ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පසුගිය දා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදි වැඩ්දුරටත් අදහස් දැක්වු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ. ත්‍රීරෝද රථ සදහා මීටර් සවි කිරිම පිළිබදව රජය මගින් අනිවාර්ය කර ඇති අතර මෙරටට ගෙන්වන ලද මීටර් සම්බන්ධයෙන් තවමත් ප්‍රමිති කාර්යංශය මඟින් ප්‍රමති සහතිකයක් ලබා දී නොමැති බවත්ය.

Read more

Local News