වස විසෙන් තොර වගාවකට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගමනයක්

Share

වස විසෙන් තොර වගාවක් සඳහා ගොවියන් යොමු කරමින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ගාල්ල දිස්ත්‍රික්කය තුළ කාබනික ගොවිතැන දිරි ගැන්වීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් මේ වන විට ග්‍රාමිය මට්ටමින් ක්‍රියාත්මක කර අැත.

පසුගියදා පැවති දිස්ත්‍රික් කාෂිකර්ම කමිටුවේදි මෙම වැඩ පිලිවෙල ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව කාබනික එළවළු වගා සංවර්ධනය යටතේ නොමිලේ රෝපණ ද්‍රව්‍ය ලබා දීම සිදු කෙරෙන අතර තවද තුඹ පැළ ඒකකක වගා සංවර්ධනය, තිබිබටු පැළ ඒකක වගා සංවර්ධනය, කුඹුරු ආශ්‍රිත දේශිය එළවළු ඒකක සංවර්ධනය , වැසි ආවරණ ගෘහ තුළ උඩරට එළවළු වගා දිරි ගැන්වීම සඳහා බීජ හා වගා බඳුන් ලබා දීම මේ යටතේ සිදු කෙරේ.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නව තාක්ෂණය හඳුන්වා දෙමින් වැඩි අස්වැන්නක් තුළින් කෘෂි ව්‍යවසායකයන් බිහි කිරීම අරමුණු කර ගනිමින් ව්‍යාපෘති කිහිපයක් ඔස්සේ ගොවි ජනතාවට අවශ්‍ය යන්ත්‍ර සහ උපකරණ ලබා දිම ද සිදු කෙරෙන බව ගාල්ල නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය එහිදි පෙන්වා දෙනු ලැබිය.

Read more

Local News