තෝමියන් නයිට් 2018

Share

මාතලේ ශාන්ත තෝමස් විදුහලට වසර 145 පිරිම නිමිත්තෙන් එම විදුහලේ කොළඹ අාදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන Thomian’s Nite – 2018 සංගීත රාත්‍රිය මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විමට එම සංගමය කටයුතු යොදා තිබේ.

2018 ඔක්තෝම්බර් 13 වැනි සෙනසුරාදා රාත්‍රි 7.00ට කොළඹ රමාඩා හෝටලයේ දී මෙම ප්‍රසංගය අාරම්භ කිරිමට නියමිතය.

පාසලේ අධ්‍යාපන හා ක්‍රීඩා ශිෂ්‍යත්ව අරමුදල නගා සිටුවිම අරමුණු කොටගෙන මෙම ප්‍රසංගය පවත්වනු ලැබේ.

 

මෙම සංගීත රාත්‍රියට දිවයිනේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙකු වන කෙනන් ඩි. සිල්වා ප්‍රමුඛ Men in Black සංගිත කණ්ඩායම සංගිතය සපයන අතර අයේෂා මධුෂානි මෙහෙයවන නර්ථන කණ්ඩායම මෙදින නර්ථනයේ යෙදෙනු අැත. මෙම උත්කර්ෂවත් රාත්‍රිය සඳහා අාදි ශිෂ්‍ය සැමට සහ හිතවතුන් සියල්ලට අාරාධනා කෙරේ.

 

 

මේ පිළිබඳ වැඩ් විස්තර දැනගැනිම සඳහා,

හල්විටිගේ –  077 7101254
නෙරංජන් –   077 2440111
චරිත      –   077 7332588
කීත්       –   077 7700969

Read more

Local News