ඔලුවිල් වරාය ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමට පියවර – අමාත්‍ය මහින්ද සමරසිංහ

Share

ඔලුවිල් ආශ්‍රිත ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් පිහිටුවා ආදායම් ලැබෙන වරායක් වශයෙන් ඔලුවිල් වරාය සංවර්ධනය කිරීමට බලාපොරොත්තුවන බව වරාය හා නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් මහතාගේ ඉල්ලීම පරිදි ඔලුවිල් වරායට ගොස් ප්‍රදේශ ජනතාව සමඟ කරන ලද සාකාච්ඡචාවේදී මේ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වරාය ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවී තිබෙන සියලු ගැටලුවලට ස්ථීර විසදුම් සඳහා, ප්‍රශ්නවලට මැදිහත් වී සිටින ජනතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කළ අතර එම ප්‍රශ්න විසදීමට ගතයුතු පියවර පිළිබඳවද අමාත්‍ය රවූෆ් හකීම් මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, අද අප මෙහි පැමිණ සිටින්නේ ප්‍රශ්නවලට විසදුම් සෙවීම පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට පමණක් නොවේ මෙම වරාය ධීවර වරායක් මෙන්ම වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ප්‍රදේශයේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට හැකි වන ආකාරයට මෙම වරාය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් බව දන්වා සිටියේය.

Read more

Local News