තම මුලික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක

Share

තම මුලික වැටුප රු. 1000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් නොර්වුඩ් ස්ටොක්හොම් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් කළු පටි පැළද එම තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට අද (08) උදැසන 8 සිට 9.30 දක්වා උද්ඝෝෂණයක නියැලුණු බවට වාර්තා ව‌ෙයි.

එම උද්ඝෝෂණයට සමගාමිව වතු කම්කරුවන් කිහිප දෙනෙක් තේ කර්මාන්ත ශාලාවේ උඩුමහලේ ආලින්දය මතට ගොස් උද්ඝෝෂණයක නියැලෙමින් අවධාරණය කර සිටියේ තමන්ට දැනට දිනකට ගෙවන මුලික වැටුප වන රු. 530 රු. 1000 දක්වා වැඩි කරන ලෙසයි.

Read more

Local News