ධීවර සහ නාවුක කටයුතු වලින් වැලකි සිටින ලෙස කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Share

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ල‌ෙස එම දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

ගිනි කොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට සුළි සුළඟක් (LUBAN) දක්වා වර්ධනය වී ඇති අතර උතුරු අක්ෂාංශ 12.3 ත් නගෙනහිර දේෂාංශ 62.4 ත් ආසන්නයේ මේ වන විට ස්ථාන ගතව ඇති අතර එය කොළඹ සිට කි.මී 2000 ක් පමණ දුරින් පවතින බව සඳහන් වේ.

මෙම මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතු වලින් වැලකි සිටින ලෙස දැනුම් දී තිබේ.

Read more

Local News