කාසල්රි ජලාශයට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක් මුදා හැරේ

Share

කාසල්රි ජලශයට ජයන්ට් කාෆ්ට් වර්ගයේ මත්ස්‍යය පැටවුන් ලක්ෂයක් මුදා හැරිම අද (08) එම ජලාශයේදි සිදු විය.
නුවරඑලිය ජාතික ජලජ ජිවි වගා සංවර්ධන කාර්යයාල යටතේ පාලනය වන නුවරඑලිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද ජයන්ට් කාෆ්ට් වර්ගයේ මත්ස්‍යය පැටවුනුයි මෙසේ ජලාශයේ ආරක්ෂිත දැල් කුඩු වලට මුදා හැරුණේ.

එම මත්ස්‍යය පැටුවුන් එම ජලාශයේ සවි කර තිබෙන ආරක්ෂිත දැල් කුඩු 10 මත මුදා හැර එම මත්ස්‍යය පැටවුන් දින 45 ක කාලයක් ජලාශයට හුරු කර එම මත්ස්‍ය පැටවුන් මත්ස්‍යය ඇගිල්ලන් ලෙස වැඩුණු පසු ආරක්ෂිත දැල් කුඩුවලින් ඉවත් කර ජලාශයට මුදා හරීයි.

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමිමටත්, ඔවුන්ට අඩුමිලකට මිරිදි මසුන් ලබා දිමටත් කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහල දැමිමේ අරමුණින්, කාසල්රි ජලාශයට මේ වන විට මත්ස්‍යය පැටවන් විශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් ජාතික ජලජ ජිවි ව්‍යාප්ති නිලධාරි චන්දන ජගත් කුමාර මහතා කියා සිටිය‌ේ.

Read more

Local News