ලෝක දෘෂ්ඨි දිනය වෙනුවෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්

Share

ලෝක දෘෂ්ඨි දිනය (ඔක්තෝබර් 11) දිනය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන හෙට (9) දින සිට 11 දින දක්වා ක්‍රියාත්මක කරයි.

ලෝක දෘෂ්ඨි දිනය සම්බන්ධයෙන් අද (8) ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයේ දී මේ බව අනාවරණය විය.

ලෝකයේ මිලියන 285ක ප්‍රමාණයක් යම්කිසි අක්ෂි ආබාධ තත්ත්වකින් පෙළෙනවා. මෙමගින් 90%ක් ජීවත් වන්නේ අඩු ආදායම් හා මධ්‍යම ආදායම් රටවල බව පැවැසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ද ජනගහනයෙන් 1.7% ක සැළකිය යුතු ප්‍රමාණයක් යම්කිසි අක්ෂි ආබාධ රෝගයකින් හෝ අන්ධ භාවයකින් පෙළෙන බව පැවසී ය.

මෙම මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී අඳහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා, සෑම තැනම සෑම වෙලාවකම අක්ෂි සුරක්ෂිතභාවය තිබිය යුතුයි. අන්ධ හෝ අන්ධභාවයට ආසන්න තත්ත්වයකින් පීඩා විදින්නන් ලංකාව පුරා ම පිහිටුවා තිබෙන ප්‍රතිකාර ඒකක මගින් තම අක්ෂි පරීක්ෂාව සිදුකර ගැනීම වැදගත් වෙනවා” යැයි පැවසී ය.

Read more

Local News