රටේ පවතින නීතිය මේ රටේ සියළු දෙනාට පොදුවිය යුතුයි

Share

අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළේ රටේ පවතින නීතිය මේ රටේ සියළු දෙනාට පොදුවිය යුතු බවත් පසුගිය සමයේ නීතිය නොතකමින් කටයුතු කළ අයට ඉදිරියේදී අනිවාර්යෙන්ම දඩුවම් හිමිවන බවත් ය.

අමාත්‍යවරිය මේ අදහස් ප්‍රකාශ කළේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර තර්ජනයෙන් වැඩිපුරම හානියට පත්වන ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා ඉතා අවශ්‍යව පවතින ආපදා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරිම වෙනුවෙන් රත්නපුර ඇලපාත ගිනිහිරිය ශ‍්‍රී සිද්ධාර්ථ පිරිවෙන් භූමියේදී ආපදා රැඳවුම් මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්‌ වෙමිනි.

රටේ නීතියක් තියෙන්න  ඕනි. නීතිය කාටත් වලංගුයි. පසුගිය කාලේ වැරදි කරපු අයට ඉදිරියේදී නීතියෙන් දඩුවම් ලැබෙයි.අපි දේශපාලඥයෝ හැටියට මේ දේවල්වලට අතදාන්නේ නැත්නම් රටේ ජනතාවට සාධාරණය ඉටුවෙයි යනුවෙන් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

Read more

Local News