සීෂෙල්ස් ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක් – ගිවිසුම් දෙකකට අත්සන් තබයි

Share

සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා විසින් සිදුකළ විශේෂ ආරාධනය පරිදි සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා අතර නිල හමුව ඊයේ (08) පස්වරුවේ සිදු විය.

සීෂෙල්ස් රාජ්‍ය මන්දිරය වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ආචාර වෙඩි මුර සහිත හමුදා උත්තමාචාර ද පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

ජනාධිපතිවරු දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. දෙරට අතර පවතින ද්වි පාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් දෙකකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

Read more

Local News