ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරය ආනයන – අපනයන තොරතුරු හුවමාරුව සාර්ථකයි

Share

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරය පසුගිය දා ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය ආනයන – අපනයන තොරතුරු නිවැරදිව හා සාර්ථකව හුවමාරු කිරීම ආරම්භ කර ඇති බවත්, එහි දත්ත ගබඩාව ජාත්‍යන්තර වෙළෙඳාම ආශ්‍රිතව වඩාත් නිවැරදි තොරතුරු ගබඩා කරගෙන සිටින බවත්, එම නිසා අපගේ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා අවශ්‍ය වන තොරතුරු සියල්ලම අද සැනෙකින් ලබා ගැනීමට හැකි වී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

Read more

Local News