කාසල්රි ජලාශයට ඉහළින් පිහිටි නිවාස පහක් නායයෑමේ අවදානමක

Share

නොර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පිහිටි නිවාස පහක් නායයෑමේ අවධානමක් මතු වි ඇති නිසා එම නිවාස වල පදිංචි පවුල් 5 කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව නොර්වුඩ් පොලසියි පැවසිය.

හැටන් බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලි ගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහළින් වු පස් කන්දක් සමග ඊට පහළින් පිහිටි නිවාස පහකුයි මෙසේ නායයෑමේ අවධානමට ලක් වි ඇත්තේ.

එම කන්ද මේ වන විට නායයාමට සක්‍රිය වි ඇති අතර ඊට පහළින් වු නිවාස වල බිත්ති ඉරි තලා කඩා වැටිමේ අවධාමකටද ලක් වි තිබේ.

ප්‍රධාන මාර්ගයේ කොටසක්ද ඉරිතලා තිබුණු අතර නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ සේවකයින් විසින් එම ඉරිතලා තිබු මාර්ගය ප්‍රතිසංස්කරණය කර ඇත.

ප්‍රතිසංස්කරණය කළ මාර්ගය යලිත් ඉරි තලමින් පවති.

නායයෑමේ අවධානමක් නිසා අවතැන් වුවන් ඔවුන්ගේ ඥති නිවස්වල තාවකාලිකව නතර කර ඇති අතර, ඔහුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිමට අඹගමුව ප්‍රදේශිය සභාව හා නුවරඑලිය අපදා කළමණාකාරණ ඒකකය කටයුතු කර ඇත.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පතින දැඩි අයහපත් කාලගුණයට සාපේක්ෂව මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින්නේ තරමක සුළු වර්ෂාපතනයක් පමණි.

Read more

Local News