එදා ගම පාසල සහ පන්සල සමග බැඳි ග‍්‍රාමීය සංස්කෘතිය ජාතික සමගියට පදනම් විය -ජනපති

Share

පොළොන්නරුව, ලක්ෂඋයන කනිෂ්ඨ විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (09) දහවල් එක් වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ හොඳ රටක් මෙන්ම යහපත් පරපුරක් ගොඩනැගීමට ග‍්‍රාමීය සංස්කෘතිය යළි සවිමත් කළ යුතු බවයි.

එදා ගම පාසල සහ පන්සල සමග බැඳි ග‍්‍රාමීය සංස්කෘතිය ජාතික සමගියට පදනම වූ බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ග‍්‍රාමීය සංස්කෘතිය තුළ විනයෙන් සහ හැදියාවෙන් පිරිපුන් පුරවැසියන් රටට දායාද කෙරුණු බව ද කියා සිටියේය.

1947 ආරම්භ කළ තමා හැදී වැඩුණු ගම් ප‍්‍රදේශය වන ලක්ෂඋයන ප‍්‍රදේශයට ගිය ජනාධිපතිතුමා තමා ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ ලක්ෂඋයන කනිෂ්ඨ විද්‍යාලය වෙත ගියේ මහත් සතුටින් යුතුවය. ලක්ෂඋයන සේවාමුක්ත භට ජනපදයේ මුල් පදිංචිකරුවන් වූ දිවංගත මව් පියවරුන් සිහිපත් කරමින් පින් පැමිණවීම සහ ජීවත්වන සියලු දෙනා වෙත නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කරමින් විද්‍යාලයේ පැවති දානමය පුණ්‍ය කර්මය සඳහා ද ජනාධිපතිතුමා එක් විය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

 

Read more

Local News