අධික වර්ෂාපතය හේතුවෙන් පුත්තලමේ ලුණු කර්මාන්තට දැඩි බාධා

Share

පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාපතය හේතුවෙන් පුත්තලමේ ලුණු කර්මාන්තට දැඩි බාධා එල්ල වෙමින් තිබෙන බවට සිය කර්මාන්තකරුවෝ පවසති.‍‍

පුත්තලම, සෝල්ටන්, ආනකුත්තුව, සේවන්තිව්, මනතිව් ඇතුළු තවත් ස්ථාන කිහිපයක මෙම වර්ෂාපතනය හේතුවෙන් ලුණු නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇනහිට ඇති බවයි කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.

මෙම ඇදහැලුන ධාරාණිපාත අධික වර්ෂාවත් සමඟ ඇති වෙමින් තිබූ ජල ගැලීම් හේතුවෙන් තමන්ගේ ලුණු ලේවා වෙත ජලය පිරී තිබිම නිසාවෙන් සිය ලුණු නිෂ්පාදන කටයුතු සිදුකර ගැනීමට අපහසුව ඇති බවත්, ලේවා වල නිෂ්පාදන වෙමින් තිබූ ලුණු බහුතරයක් ජලයට සේදී දියවී යාම නිසාවෙන් තමන් දැඩි ලෙස පාඩු ලබන බවයි ඔවුන් පවසන්න‌ේ.

Read more

Local News