දරුවන්ට පළමු වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්යයි – අමාත්‍ය තලතා අතුකෝරළ

Share

පළමු වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළයුතු බවත් දරුවන් පාසල් වෙත යොමු නොකරන දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී රජය කටයුතු කරන බවත් අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අැමතිනි තලතා අතුකෝරළ මහත්මිය පැවසීය.

අමාත්‍යවරිය මේ බව පැවසූවේ ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 19 ක් වැය කරමින් ඉදි කළ ඇඹිලිපිටිය ගල් අමුණ ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Read more

Local News