5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල ඉහළ නැංවීමට රජය තීරණය කරයි

Share

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලබාදෙන ශිෂ්‍යාධාර මුදල ඉහළ නැංවීමට රජය තීරණය කර ති‌බේ.

ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුවයි.

මෙතෙක් ඔවුන්ට මාසිකව හිමි වූ රු.500 ක මුදල වෙනුවට රු. 750 ක මුදලක් ලබාදීමට ඒ අනුව අනුමැතිය හිමි විය.

මීට අමතරව ශිෂ්‍යත්ව විභාගය සමත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 250 දෙනෙකු සඳහා ද ශිෂ්‍යධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

මේ සම්බන්ධව අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ ලෝක ආර්ථික බලපෑම හමුවේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදවලට මුහුණ දෙමින් සිටින අවස්ථාවක වුව ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජය ලබා දෙන සහන තවදුරටත් වර්ධනය කිරීම යුතුකමක් හා වගකීමක් ලෙස සලකන බවයි.

Read more

Local News