මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

Share

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය, පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි.

Read more

Local News