මඟී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්ෂක නිළධාරීන් සිවිල් ඇඳුමින් රාජකාරියට

Share

දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය සඳහා සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා දුම්රිය ආරක්ෂක නිළධාරීන් සිවිල් ඇඳුමින් සැරසී රාජකාරී කටයුතු වල නිරතවන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා දුම්රිය ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටි බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

අද පෙරවරුවේ රත්මලාන සිට වේයන්ගොඩ දක්වා ධාවනය වු දුම්රියේ විදුලි රැහැන් පද්ධතිය කපමින් සිටි සොරුන් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් රාජකාරී කටයුතු වල නිරත වු, දුම්රිය ආරක්ෂක නිළධාරීන්ට අල්ලාගැනීමට හැකිවී තිබෙන්නේ, සිවිල් ඇඳුමින් රාජකාරී කටයුතු වල නිරත වු බැවින්ය.

අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේ, වසර 30 කට ආසන්න කාලයක් ගතවී විවිධ හේතුන් මත කිසිදු උසස්වීමක් නොලද දුම්රිය ආරක්ෂක නිළධාරීන් 284 දෙනෙකු සැරයන් තනතුරට පත්කිරීම නිමිත්තෙන්, අද (09) මරදාන දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදීය.

Read more

Local News