ජනපති සහ සීෂෙල්ස් උප ජනපති අතර හමුව

Share

සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස් උප ජනාධිපති Vincent Meriton මහතා අතර හමුව ඊයේ (09) පස්වරුවේ සිදු විය.

සීෂෙල්ස් හි Praslin දූපතේ දී මෙම හමුව සිදු වූ අතර උප ජනාධිපතිවරයා විසින් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල්ස් සංචාරය ශ‍්‍රී ලංකා – සීෂෙල්ස් සබඳතාවලට තිස් වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවීම පිළිබඳ සිය සතුට පළ කළ උප ජනාධිපතිවරයා මෙම සංචාරයට සමගාමීව දෙරට අතර ඇතිකරගත් නව එකඟතාවයන් දෙරටටම ප‍්‍රතිලාභ සැළසෙන අයුරින් ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කැපවන බව ද සඳහන් කළේය.

හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Read more

Local News