ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු විශාලතම ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් ක‌ෙ‌රේ

Share

ඉන්දියානු ආධාර යටතේ ඉදි වූ, ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු විශාලතම ශ‍්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීම ඊයේ (9) සිදුවිය.

රුපියල් මිලියන 300ක ඉන්දීය ප‍්‍රදානයක් යටතේ ඉදිකරන ලද රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ‍්‍රවණාගාරය ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණ.

රුහුණ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් ඇතුළු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Read more

Local News