ශ්‍රී ලංකා යුද්ධ හමුදා‌වේ 69 වන සංවත්සරය

Share

69 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ,

දේශයේ ආරක්‍ෂකයා ලෙසින් අද්විතීය ජයග්‍රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉතා දුෂ්කරතා මධ්‍යයේ කැපකිරීමෙන් යුක්තව අත්පත් කරගත් සාමය සහ ජාතික ආරක්‍ෂාව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඕනෑම කාර්යයක් ඉටු කිරීමට මෙන්ම මාතෘ භූමියේ ඇතිවිය හැකි ඕනෑම කැරලිකාරී තත්ත්වයක් මඟහරවා ගනීමින් ජාතියේ ආරක්‍ෂාව තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඉතා සුදානමින් යුක්තව ක්‍රියා කරන බවයි.

ආනාගත පරම්පරාවන්ට සාමය හා සහජීවනයේ වටිනාකම නොඅඩුව දායාදකිරීම යුද්ධ හමුදාවේ ප්‍රමුඛ වගකීමයි. අද වනවිට මුළුමහත් ශ්‍රී ලාංකේය ජනතාවම සහෝදරත්වයෙන් හා සංහිඳියාවෙන් යුතුව ඉතාමත් සාමකාමී පරිසරයක් තුළ ජිවිකාව පවත්වාගෙන යනු ලබයි. රටෙහි ජාතික සංවර්ධන ක්‍රියාවලිය වෙත තවදුරටත් සෘජු දායකත්වය ලබාදෙමින්, රටේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතිකමය වටිනාකම් සුරක්‍ෂිත කොට කිසිදු ජාති, කුල, වර්ග භේදයකින් තොරව ජාතීන් අතර සංහඳියාව වර්ධනය කිරීම උදෙසා තව තවත් ඇප කැප වී කටයුතු කිරීමට අප අදිටන් කරගත යුතු බව වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.

Read more

Local News