කැලණිය, වනවාසල ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක්

Share

කැලණිය, වනවාසල ප්‍රදේශයේ දෙමහල් නිවසක හදිසි ගින්නක් හටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බවයි.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර විදුලි කාන්දුවීමකින් ගින්න හටගන්නට ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News