හැටන් ලංගම ඩිපෝවට නව බස් රථ පහක්

Share

හැටන් ලංගම ඩිපෝව මගින් මිල දි ගත් නව තාක්ෂණයෙන් යුතු ලේලන්ඩ් වර්ගයේ බස් රථ පහක් එම ඩිපෝවේ නිලදාරින් වෙත භාර දිම ප්‍රවහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඊය‌ේ (10) සිදු කළ‌ේය.

නරාහේන්පිට ලංකා ගමනා ගමන මුලස්ථානයේදි නව බස් රථ පහ නිල වශයෙන් අමාත්‍යයවරයා විසින් හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින්ට භාර දෙනු ලැබිය.

මෙම නව බස් රථ වල ජිපිඑස් තාක්ෂණ උපකරණ සවි කර ඇති අතර මෙම බස් රථ පාරිසරික හිතකාමිව නව තාක්ෂණයෙන් යුතුව නිෂ්පාදනය කර ඇත.

Read more

Local News