ඇලෝසියස්ගේ සහ පලිසේනගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි

Share

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ග‌ෙන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අය විසින් ඉදිරිපත් කළ ඇප අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

මෙම තීන්දුව ලබා දී ඇත්ත‌ේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මණ්ඩලය විසිනි.

මෙම සැකකරුවන් දෙදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝග දෙකක් ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි කියා සිටියේය.

Read more

Local News