සීෂෙල්ස්හි අත්අඩංගුවට පත් ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලු දෙනා නිදහස් ක‌ෙ‌රේ

Share

සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලු දෙනා නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධිපතිවරයා සහ තමා අතර පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස හැකියාව ලැබුණු බව ජනාධිපතිතුමා පවසයි.

එම සාකච්ඡාවල දී පැමිණි එකඟතාව අනුව එම සියලු ධීවරයන් නිදහස ලැබූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ  ඊයේ (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති “මිරිදිය වරුණ 2018” සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.

ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාව මේ රටේ ශක්තිමත් බලවේගයක් බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන් දුර්වල කිරීමට රජය කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවත්, ධීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ යුතු සෑම වගකීමක් ම නොපිරිහෙළා ඉටු කරන බවත් අවධාරණය කළේ ය.

Read more

Local News