රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්ත ශාලාව හෙට විවෘත කෙරේ

Share

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය තවත් වැඩි කිරීමේ අරමුණින් ඉදිකරන ලද නව ඖෂධ කර්මාන්ත ශාලාව හෙට (12) දින පස්වරු 4.00 ට විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමට නියමිතය.
රත්මලාන කදවලවත්ත ප්‍රදේශයේ එය ඉදි කර ඇති අතර මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරිම සදහා වැය කළ මුළු මුදල ජපන් යෙන් මිලියන 1240 කි.
ජපානයේ ජයිකා ව්‍යාපෘතිය යටතේ ලැබුණු ආධාර මත මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇත.

Read more

Local News