දුම්රිය මාර්ගයේ අලි ගැටීම් සිදුවන ස්ථාන නිරීක්ෂණය කිරීම අද සිට

Share

දුම්රිය මාර්ගය අසළ අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැළැස්මක් සැකසීමට 14 දෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායමක් අද (11) වන දින සිට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතු වල නියැලෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා 2018.09.28 වන දින පත් කරන ලද කමිටුව මගින් ම‌ෙය ක්‍රියාවට නැං‌වේ.

අද (11) දින සිට 14 වෙනි දින දක්වා දින 04 ක් දිනපතා මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන උතුරු හා නැගෙනහිර දුම්රිය මාර්ග වල මෙම නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

මෙම නිරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දුම්රිය අලී ගැටීම් වැළැක්වීම සඳහා ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රධාන සැළැස්මක් සැකසීම විද්වත් කමිටුවක් විසින් දින 05 ක් ඇතුළත සිදු කිරීමට නියමිතයි.

Read more

Local News