ක්‍රිකට් විනාශ වුණ‌ේ මුදල ඉදිරියට ගෙනා නිසයි

Share

අද මුදල පිටුපසම යාමේ සංස්කෘතියක් ඇතිව තියෙනවා. ඒක රටක් හැටියටත්, ක්‍රීඩාවක් හැටියටත් එහෙමයි. අපේකම් අමතකවීම වර්තමාන සංස්කෘතියේ හෝදාපාළුවට මූලිකතම හේතුව වී තිබෙනවා. වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට මූලිකම හේතුව මුදලට ඉදිරියට ගෙන ඒම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ XBAN 2018 ප්‍රදර්ශනය දෙවැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාවට අද (11) එක්වෙමිනි.

පාසල් ක්‍රිකට් කණ්ඩායම හෝ ජාතික කණ්ඩායම හෝ නියෝජනය කරන අවස්ථා වලදී අපේ සිතට දැනුණේ විශාල අභිමානයක්. අපි තමයි රටේ මිලියන විස්සක ජනතාවක් නියෝජන කරන්නේ. එය අපිට ලැබුණු විශාල ගෞරවයක්. ඒ ගෞරවය කිසිම විටක අපි මුදලට පාවා දුන්නේ නැහැ. ඇත්තටම අද රටක් හැටියට ඉදිරියට යාමේදී අපිට තියෙන ලොකුම බාධාව වන්නේ අපේකම් අමතක වීම. අපේකම අමතක කරලා අපිට ඉදිරියට යන්න බැහැ..”යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News