ඉන්දියානු සාගරය අනාගතයේ සාගරයයි

11

ඉන්දියානු සාගරය අනාගතයේ සාගරය වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියානු සාගරය – අපගේ අනාගතය නිර්වචනය කිරීමේ සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙම සමුළුවේ ආරම්භක දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලදී.

ඉන්දියානු සාගරයෙහි ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා සැබවින්ම එය අනාගතයේ සාගරය වනු ඇති බවත් 2025 ඉලක්ක කරගත් රජයේ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණ වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදි.