“බාබුල්” ජිවිතයක් බිලි ගනියි

Share

හැටන් දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා ගමන් කිරිමට රාත්‍රි හැටන් දුම්රිය ස්ථානයට පැමිණි මගියෙකු හැටන් දුම්රිය ස්ථානයේදි ජිවිතක්ෂයට පත් වු බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සුප්පයියා මර්දන් සිවලිංගම් නැමති 48 හැවිරිදි තිදරු පියෙකි.

මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ පැවැත්වු අතර, එහිදි මරණයට හේතුව වශයෙන්, බාබුල් නැමැති මත් බුලත් විට කැම නිසා එම බුලත් විට ස්වසනාලයේ සිර විමෙන් මෙම මරණය සිදු වි ඇති බවට අනාවරණය වී ඇත.

Read more

Local News