පොදු ප්‍රවාහන හා පාසල් ප්‍රවාහන සේවා සඳහා සහනාධාර

Share

පොදු ප්‍රවාහන හා පාසල් ප්‍රවාහන සේවා සඳහා යම් සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ඉන්ධන මිල ඉහළ යැම සැලකිල්ලට ගෙන පොදු ප්‍රවාහන හා පාසල් ප්‍රවාහන සේවා සඳහා යම් සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බවත්, ඉන්ධන මිල ඉහළ යෑම සිදු වුවත් ඩිසල් මිල ඉහළ නොගිය නිසා පාසල් වෑන් රථ සඳහා මිල ඉහළ යෑමක් සිදු නොවනු ඇති බව කියා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා, පාසල් වෑන් සංගම් සමඟ ද සාකච්ඡා කිරීමට කටයුතු කරන බව පැවසීය.

Read more

Local News